Wednesday, September 29, 2021

Heart එක service කරමුද

අද සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය (world heart day). 

උපන්න දවසේ පටන් අන්තිම හුස්ම දක්වා රැයක් දවාලක් නැතිව දවස් 365 ම පැය 24ම නොනවත්වා වැඩකරන හෘද වස්තුවට මොකටද මේ දවසක් වෙන්කරලා? ඔව් හරිනම් දවස් 365ම වෙන් කරන්න ඕනා. ඒත් අඩුගානේ එක දවසක්වත් අපේ හෘදය වස්තුව ගැන හිතන්න එය පරිස්සම් කරගන්න මතක් කරන්න තමයි අද දවස වෙන් කරල තියෙන්නේ. 

ඇයි ඔච්චර වැදගත් ?

ලෝක හෘද සංගමය (world-heart-federation) කියන විදිහට Cardiovascular disease (CVD) remains the world’s number one killer, resulting in 18.6 million deaths a year. Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්‍රිත රෝග නිසා වසරකට මිනිස් ජීවිත 18.6 million ක් අහිමිවෙනවා කියන්නේ  සෙල්ලමක් නෙමේ.තව 520 million ක් Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්‍රිත රෝගය නිසා පීඩාවිදිමින් ජීවත් වෙනවා.

ලංකාවේ තත්වය කොහොමද ?

WHO එකේ දත්ත අනුව 2018 ලංකාවේ හෘද වාහිනී අශ්‍රිත රෝග නිසා මිනිස් ජීවිත 28,777 ක් අහිමිවෙලා තියෙනවා මෙය සමස්ථ මරණ වලින් 22.64 % කි

.

රෝහල්වල සිදුවන මරණවලින් බොහොමයක් සිදුවන්නේ Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්‍රිත රෝග නිසා.


මේ නිසා
Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්‍රිත රෝග ගැන දැනුවත් වෙමු ජීවිත සුරකිමු.

Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්‍රිත රෝග අතිවෙන්නේ කොහොමද?

ශරීරයේ අනෙකුත් අවයව වලට වගේම හෘදයටත් ඔක්සිජන් ඇතුලු පෝෂක ඕනා. ඒවා ලැබෙන්නේ කිරීටක ධමනි ඔස්සේ ලබෙන අඛන්ඩ රුධිර සපයුම නිසයි.මේ කිරීටක ධමනි බිත්ති තුල අතිවන Atherosclerosis නම් තත්වය නිසා එම රුධිර නාල අවහිරවේ.මේ නිසා හෘදයේ නිසි ක්‍රියාකාරීත්වයට බාධා ඇතිවේ.

එතකොට මොකද්ද Heart attack කියන්නේ? 

දැනටත් Atherosclerosis නිසා තරමක් අවහිර වෙලා තියෙන රුධිරනාලය ලේ කැටියක් නිසා එකවරම සම්පුර්ණයෙන්ම අවහිරවෙන නිසා රුධිර සපයුම නොමැතිව හෘදයේ කොටසක් මියදීමයි.



 
Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්‍රිත රෝග අතිවෙන්න බලපාන හේතු මොනවාද?

වයස

වයස වැඩි වනවිට රුධිරනාල අවහිර වීමට අවදානම වැඩිවේ

ගැහැනු පිරිමි බව

පිරිමි අයට අවදානම වැඩිවේ

පවුලේ හෘද රෝග ඉතිහාසය

දෙමාපියන්ට හෝ සහෝදරසහොදරියන්ට වයස 55ට පෙර රෝගය ඇතිනම්

දුම්පානය
එහි ඇති
Nicotine මගින් රුධිරනාල තද ගතියක් ඇති කරයි
carbon monoxide මගින් රුධිරනාල බිත්තිය තුවල කර Atherosclerosis ඇතිවීම වේගවත් කරයි.

අධික රුධිර පීඩනය Atherosclerosis ඇතිවීම වේගවත් කරයි

දියවැඩියාව Atherosclerosis ඇතිවීම වේගවත් කරයි

තරබාරුකම Atherosclerosis ඇතිවීම වේගවත් කරයි

රුධිරයේ cholesterol මට්ටම වැඩි වීම Atherosclerosis ඇතිවීම වේගවත් කරයි

වැරදි ආහාර පුරුදු 

ශරීරයේ ක්‍රියාශීලීත්වය අඩු වීම

ආතතිය - stress අධිකවීම

Heart එක service කරන්නේ කොහොමද?

(හෘද ආබාධ එන්න නොදි ආරක්ෂාකර  කරන්නේ කොහොමද )

දුම්පානය නතර කරන්න

අධික රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ cholesterol මට්ටම වැඩි වීම වැනි රෝග ඇත්නම් නිවරදිව බෙහෙත් පාවිච්චි කරන්න 

දිනකට විනාඩි 30ක් වත් exercise කරන්න 

නිවරදි ආහර රටාවකට හුරුවෙන්න

ශරීරයට ගැලපෙන බර පවත්වා ගන්න

stress පාලනය කරන්න  

Cardiovascular disease  ගැන දැනුවත් වෙමු 

පරිස්සම් වෙමු

Friday, August 27, 2021

weight loss දැනගෙන කරමු - Diet plan ක්‍රම හඳුනාගමු

ඉක්මනින්ම බර අඩුකරන්න තියෙන හොඳම විසදුම තමන්ට ගැලපෙන Diet plan එකක් අනුගමනය කිරීම.
 
Diet plan ක්රම ගොඩාක් තියෙනවානේ ඒකෙන් අපිට ගැලපෙන ක්‍රමය කොහොමද තෝරා ගන්නේ?
ඔව්, මේ අපි ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක්.
ඒ නිසා අපි අද ලෝකයේ බහුලව භවිතාවෙන Diet Plan  කිහිපයක් සරලව හදුනාගනිමු.
ඉදිරියෙදී දාන post වලින් එක් එක් ක්රම ගැන වෙන වෙනම දීර්ගලෙස කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබට මට අපි හැමෝටම 100% ගැලපෙන එකම Diet Plan ක්‍රමයක් නැහැ.
එහෙම උනානම් මෙතරම් ක්‍රම ලෝකයේ බිහිවෙන්නේත් නැහැ.
සෑම  ක්‍රමයේ අඩුපාඩු සහ ගැටලු තිබෙනවා.
වඩාත්ගැලපෙන Diet plan එක තමන් විසින්ම තෝරා ගන්න ඕනා.
 
Diet plan එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුණු මොනවාද?
 
ඔබේ අරමුණට යන්න පුලුවන් ක්‍රමයක් වෙන්න ඕනා.
මාසෙකට 1kg අඩුකරන්නද ඕනා මාස 3 ට 10kg අඩුකරන්නඕනා කියන කාරණය අනුව ගැලපෙන Diet plan එක වෙනස්.
 ඔබට ධරාගන්න පුලුවන් වගේම දීර්ගකාලයක් කරගෙන යන්න පුලුවන් ක්‍රමයක් වෙන්න ඕනා.
අපි Diet Plan පටන් ගන්න ඕනා දවසක් දෙකක් කරල නවත්තන්න නෙමෙයිනේ.
ඒ නිසා සරලව පටන් අරගෙන ටික ටික advance කරනවා මිසක් ඉක්මනින් ගොඩාක් බර අඩුකරන්න කියල අමාරු ක්‍රමයක් පටන් අරගෙන Diet Plan එපා කරගන්න එපා.
ඔබේ රැකියාව හා දවසේ අනෙකුත් ක්‍රියාකරකම් කරගෙන යන්න පහසුවෙන්න ඕනා.
ඔබේ සෞඛ්‍යට ගැලපෙන්න ඕනා.
  
මේ කරුණුත් හිතේ තියාගෙන දැන් අපි Diet Plan  කිහිපයක් සරලව හදුනාගනිමු.
 

 
 
1. Calorie Restrictions
පුද්ගලයකුගේ දිනකට අවශ්ය Calories ප්රමාණය සොයා ගන්නවා.
මේ අගය ගැහනු පිරිමි බව, උස, බර, වයස හා දවසේ ක්‍රියාකාරීත්වය මත රඳා පවති.
ආහාරවල තියෙන Calories ප්‍රමාණය ගැනලා දිනකට ඔබට අවශ්ය Calories ප්රමාණයට වඩා අඩුවෙන් ගන්නවා.
අපි සිතමු ඔබට දවසකට 2000 kcal ඕනා කියලා. 
දැන් ඊට 500-750 kcal අඩුවේන් දවසට ගන්නවා, ඒ කියන්නේ 1250-1500 වගේ.
1kg බර අඩු කරන්න 7000kcl වැය කරන්න ඕනා.
Diet කරන්න පටන් ගන්න කෙනෙකුට වැදගත්.
 
 

 
2. Intermittent Fasting
ඉතා ජනප්‍රිය ක්‍රමයකි
මෙහි ක්රම කිහිපයක් තියෙනවා 
 
ආහාර ගැනීම දවසේ පැය කීපයකට පමණක් සීමා කිරීම 
16/8 method
පැය 16ක් නිරාහාරව සිටිනවා, පැය 8ක් තුල ආහාර ගන්නවා 
         20/4 method
පැය 20ක් නිරාහාරව සිටිනවා, පැය 4ක් ඇතුලත ආහාර ගන්නවා 
OMAD one meal a day
දිනකට 1 වරක් පමණක් ආහාර ගන්නවා 
 
 සතියකට දින කිහිපයක් calories අඩු කරනවා 
5:2 method
සතියකට දින 2ක් calories 500-600 ට සීමා කිරීම
Eat -Stop - Eat Method
සතියකට දින 2 ක් පැය 24 බැගින් නිරාහාරව සිටිනවා 
 
දවසක් හැර දවසක් ආහාර ගන්නවා 
 Alternate Day Fasting
 
 දිවා කාලයේ සුලු ආහාර ගෙන රාත්‍රියට පමණක් සම්පූරණ ආහාර වේලක් ගැනීම
 Warrior Diet
 
 

 
 
3. Low - Carb diets 
ආහාරයේ ඇති carbohydrates ප්රමාණය දිනකට 20-150g දක්වා හෝ දවසේ calories අවශ්යතාවයෙන් 10%-30% දක්වා අඩු කරනවා 
 
Atkins diet 
 Dr. Robert C. Atkins විසින් හදුන්වා දෙනලදී.
 එම ක්‍රමයේදී  මස්, චීස්, බිත්තර හා බටර් වැනි මේදය අධික ආහාර සීමාවකින් තොරව අහාරයට ගන්නා අතර පාන් ධන්‍ය වර්ග වැනි carbohydrates අහාරයට ගැනීම සීමා කරයි.
 
Keto diet 
 මේ ක්‍රමයෙදී carbohydrates ඉතා අඩුවෙනුත් protein සාමන්‍යයෙනුත් fat වැඩිපුරත් ගන්නවා
 Very low carb, moderate protein & high fat diet 
 Fat 70% , protein 20% , carb 10%
 ( 20-50 g carb per day )
 
 
 
 
 
4. Low fat diets
 ආහාරයේ මේද ප්රමාණය දවසේ calories අවශ්යතාවයෙන් 30% ට අඩු කරනවා 
 ULFD - ultra low fat diet 
 ආහාරයේ මේද ප්රමාණය දවසේ calories අවශ්යතාවයෙන් 10% ට අඩු කරනවා 
 
5. The Mediterranean diet 
ඉතලිය , ග්රීසිය වැනි රටවල ජනතාව පාවිච්චි කල ආහාර ක්රමය.
මේ ක්‍රමයේදී වැඩිපුර එලවලු , පලතුරු, මාලු, ධාන්‍ය ,ඇට වර්ග හා ඔලිව් ඔයිල් ආහාරයට ගන්නා අතර මස් හා කිරි  ආහාර අඩුවෙන් භාවිතා කරයි.
 
 
 

6. Paleo diet 
 ඉස්සර දඩයම් යුගයේ වගේ ස්වභාවික ආහාර ගන්නවා. 
 කෘතිමව සැකසූ ආහාර වලින් වැලකෙනවා.
 
7. Plant based diet 
 නිර්මාංශ ආහාර ගන්නවා 
 
8. The Zone Diet
ආහාරයේ ග්ලයිසීමික් අගය අඩු carbohydrates 40% fat 30% protein 30% ගන්නවා 

9. WW ( weight Watchers )
විවිධ ආහාරවලට විශේෂ ලකුණු ක්රමයක් ලබා දෙනවා ඒවාගේ calories, fat හා fiber ප්රමාණය අනුව.
 
10. DASH Diet
අධික රුධිර පීඩනය වැලැක්වීමට පිලියෙල කල diet plan එකක්.
 

ඔබ දැනගත යුතු වැදගත් දේ තමයි Diet කරනවා කියන්නේ අනවශ්ය විදිහට බඩගින්නේ දුක් විදිනවා කිය එකනම් නෙමේ.

Sunday, August 22, 2021

Pulse oximeter භාවිතයේ දැනගත යුතුම දේ

Pulse oximeter

මේ දිනවල covid 19 පැතිරීමත් එක්ක ගොඩාක් කතාවෙන වචනයක්.

ගෙදර නිරෝධයනය වන covid positive කෙනෙකුගේ හෝ රෝහල්ගතව ප්‍රතිකාර ගන්න කෙනෙකුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම දැනගැනීමට භාවිතාකරන උපකරනයකි.

මේ උපකරණය මගින් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය ( oxygen saturation - SPO2 )  හා හෘද ස්පන්දන වේගය ( heart rate / pulse rate ) දැන ගන්න පුලුවන්.


මේ උපකරණය මගින් නිකුත් කරන අධෝරක්ත කිරණ (infrared light) අතේ හෝ පාදයේ ඇඟිලි වල කේෂනාලිකා හරහා යවා ඔක්සිජන් බැඳුණු හිමොග්ලොබින් අනු මගින් සිදුවන පරාවර්තනය ගණනය කර  එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම ලබාගනී.

 


oxygen saturation - SPO2 අගය ප්‍රතිශතයක් ලෙස දැක්වෙන නිසා උපරිම අගය 100% වේ.

නිරෝගි පුද්ගලයෙකුගේ මේ SPO2 අගය 95%-100% අතර විචලනය වෙන්න පුලුවන්.

95% ට වඩා අඩු වෙනවාන්ම් සැලකිලිමත් විය යුතුයි.

ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගතයුතුයි.



Pulse oximeter භාවිතා කිරීමේ වාසි මොනවද ?

වේදනාකාරී නොවේ.

භාවිතය පහසුයි වගේම විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවේ

ඉක්ම්නින් SPO2 අගය දැන ගත හැක

Pulse oximeter භාවිතා කිරීමේ ඇති ගැටලු මොනවාද?

නිරවද්‍යතාව තරමක් අඩුයි

නිවරදිව භාවිතා නොකලොත් වැරදි අගයන් ලබාදෙයි

Pulse oximeter එකේ නිවරදි අගයක් ලැබීමට කරැනු කිහිපයක් බලපානවා.

හොඳ ක්‍රියාකාරී තත්වයේ තිබෙන machine එකක් වෙන්න ඕනා. 

සමහරවිට pulse oxymeter machine එකේ ගැටලුවක් හෝ බැටරිවල ගැටලුවක් නිසා වැරදි අගයන් ලැබෙන්න පුලුවන්.

රතුපාට light එක මගින් නිකුත් කරන infrared මගින් තමයි අගයක් ලබා දෙන්නේ. 

එනිසා නිවරදි පැත්තට හොදින් ඇගිල්ලට සවි කරන්න ඕනා. 

නියපොත්ත අවපැහැයට හැරී තිබුනොත් හෝ නිය ආලේපන තිබ්බොත් අගය වෙනස් වෙනවා. 

අත තෙත් නොවිය යුතුය. 

SPO2 මනින විට අත නොසෙල්වා නිශ්චලව තබා ගත යුතුයි.

අතට හොඳ රුධිර සැපයුමක් තිබිය යුතුය. 

ශරිරයෙ රුධිර පීඩනය අඩු වෙලාවට හෝ අත ගොඩාක් සීතල වුනාම අතේ ඇගිලි වල රැධිර කේෂනාලිකාවලට ලැබෙන රුධිර අඩු නිසා දෝෂ ඇතිවේ. 


පරිස්සම් වෙමු  🙏
අපේ ආදරනීයන් රැක ගැනීමට සැවොම එක්වෙමු 🙏


Tuesday, August 10, 2021

COVID 19 ගැන SHARE වෙන මේ POSTS එක ඔබත් දුටුවාද ?

කාලයෙන් කාලයට FACE BOOK එකේ, VIBER , WHATSAPP වල විවිධ ආයතන, පුද්ගලයෝ කිව්වා කියලා බොරු ප්‍රචාර (FAKE POSTS) SHARE වෙනවා. 

මේ දවස් වල COVID 19 ගැන කතාබහ වැඩිනිසා මේ කාලේ ආයෙත් මේ FAKE POSTS කරලියට ඇවිත් තියෙනවා.

ගොඩාක් දෙනෙක් නොදැනුවත්ව යහපත් චේතනාවෙන් SHARE කරනවා.

ඒත් මෙහි අන්තර්ගතය බොරු නිසා කවුරුහරි අත්හදා බැලුවොතත් හානි සිදු වෙන්නත් පුලුවන්.

අනික COVID වලින් ආරක්ෂා වෙන්න කලයුතුම දේවල් මගහැරී යන්නත් පුලුවන්.

IDH රෝහලෙන් නිකුත්කලා කියලා කාලෙක සිට මේක SHARE වෙනවා.

 

යම්කිසි ද්‍රව්‍යයක ආම්ලික හෝ භාෂ්මික බව මැනීමට pH අගය භාවිතා කරනු ලැබේ. 

මේ PH අගය 0-14 දක්වා පරාසයක පැතිරෙන අතර ජලය උදාසීන ලෙස ගෙන ජලයේ pH අගය ද  7 ට අඩු ද්‍රව්‍ය ආම්ලික ලෙසද අගය 7 ට වැඩි ද්‍රව්‍ය භාෂ්මික ලෙස ද හැඳින්වෙයි.

 

 

COVID VIRUS එක pH 5.5 - pH 8.5 දක්වා ක්‍රියාකරන බව පවසා ඇති අතර ඒ නිසා භාෂ්මික ආහාර ගත යුතු බව පවසයි.

මෙය 1991ක වසරේ පලවූ පරණ research එකක් වරදවා වටහා ගැනීමකි. 

මෙය අලුත් COVID VIRUS එක සමග සම්බන්දයක් නැත.

 

අපේ ශරීරයේ අභ්‍යන්තර pH අගය නියතව 7.4 (7.35-7.45) පවත්වා ගත යුතුයි.

අපි මොනවා කෑවත් බිව්වත් මෙය වෙනස් නොවේ. 

නියතව පවති.

අපි ආම්ලික ආහාර හෝ භාෂ්මික ආහාර කෑමට ගෙන ශරීරයේ අභ්‍යන්තර pH වෙනස් කරන්න යෑම විහිලුවකි. 

කල නොහැකි දෙයකි.

අපේ ශරීරයේ අභ්‍යන්තර pH අගය හදිස්සියේ හෝ වෙනස් උනොත් මියයාමට සිදුවේ.

මෙහි සඳහන් කර ඇති pH අගයන් බොහෝමයක් බොරු අගයන්වේ.

pH අගය6ක් පමණ වන අලිගැට පේරවල pH අගය 15.6 කි.

ආම්ලික අන්නසි වල pH අගය pH 12.7 කි.

vitamin C, E, D , zinc ඕනැම සමබර ආහාර වේලක අන්තර් ගතව ඇත.

අමුතුවෙන් විටමින් පෙති අවශ්‍ය නැත.

මේවා වැඩිපුර ගත්තා කියා අමුතු ආරක්ෂාවක් නොලැබේ.

නමුත් වැඩිපුර vitamin  D,E, ගැනීම හානිකර විය හැක.

හිරුඑලිය හොඳයි, vitamin  D ලැබෙනවා. ඒත් එයින් අමුතු ආරක්ෂාවක් නොලැබේ. 

එසේ නම් හොඳින් හිරු එලිය ලැබෙන පුත්තලම, හම්බන්තොට වැනි ප්‍රදේශවල COVID  

බෝ නොවිය යුතුයි.

ඔබ පානය කලයුතු ජල ප්‍රමාණය වයස, ස්ත්‍රී පුරුෂ බව , ඇඟේ බර , සෞඛ්‍ය තත්වය, මත රඳා පවතී.

1.5l වැඩිහිටියෙකුට ප්‍රමාණවත් නොවේ.

දැන් මේ FAKE POST එකම සමහර කොටස් පොඩ්ඩක් වෙනස් කර නැවත කරලියට පැමින ඇත.

එත් අන්තර්ගත කරුනුවල වෙනසක් නැත.


 

සැලකිලිමත් වන්න. 

මේ පරණබොරු ටිකම තමයි.

මේ දවස් වල තව FAKE voice clip එකක් share වෙනවා Professor Malik Peiris මහතා නිකුත්කලා කියලා. 

එකත්බොරුවක්.


රැවටෙන්න එපා

පරිස්සම් වෙමු



 


Monday, August 9, 2021

ඔබේ රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) බැලුවාද ?

මොකද රුධිරයේ ඔක්සිජන් මට්ටම (blood oxygen level) ඔච්චර වැදගත්?

පෙනහලු වලින් ලබාගන්නා ඔක්සිජන් රුධිරයේ තියෙන රතු රුධිරාණුවල හිමොග්ලොබින් අනුවලට බැඳි රුධිරවාහිනි ඔස්සේ මුලු ශරීරය පුරා ඔක්සිජන් බෙදා හරී. 


නිව්මෝනියාව (pneumonia) , ඇදුම (asthma ) , chronic obstructive pulmonary disease (COPD) වැනි පෙනහලු වල රෝග නිසා රුධිරයට ලැබෙන ඔක්සිජන් මට්ටම අඩුවේ.

හෘද රෝග (heart disease) හා රුධිරවාහිනී වල රෝග තිබුනොත් පෙනහලු කෙතරම් හොදින් ඔක්සිජන් ලබා ගත්තත් ඒවා ශරීරයේ අනිත් අවයව වලට රැගෙනයාම අපහසුයි.

ඒ වගේම රුධිරයේ හිමොග්ලොබින් අගය අඩු වුනොත් (anaemia ) ඔක්සිජන් රැගෙනයාම දුෂ්කරවේ.

රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම මගින් ඉහත රෝග නිසා යම් බලපැමක් වි ඔක්සිජන් මට්ටම අඩුවි ඇත්නම් ඉක්මනින් යතා තත්වයට පත්කිරිමට පහසුවේ.


කොහොමද
රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) බලන්නේ?

Arterial blood gas 

අතේ හෝ පාදයේ ප්‍රධාන ධමනියක් විද ලේ ලබා ගැනීමට සිදුවේ. 

වේදනාකාරී වේ. 

වඩාත් නිරවද්‍ය වේ.


Pulse oximeter

මේ උපකරණය මගින් නිකුත් කරන අධෝරක්ත කිරණ (infrared light) අතේ හෝ පාදයේ ඇඟිලි වල කේෂනාලිකා හරහා යවා ඔක්සිජන් බැඳුණු හෙමොග්ලොබින් අනු මගින් සිදුවන පරාවර්තනය ගණනය කර  එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම ලබාගනී.

වේදනාකාරී නොවේ.

 පහසුයි

 නිරවද්‍යතාව තරමක් අඩුයි


 

රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) අඩු වුනොත් මොකද වෙන්නේ ?

 රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම Hypoxia නම් වේ

හුස්මගැනීමේ වේගය වැඩිවීම් හා හුස්ම හිරවීම

පපුවේ කැක්කුම

හිසරදය

හෘදස්පන්දන වේගය වැඩි වීම

සිහිමද ගතිය

දිව තොල් නියපොතු නිල් පැහැවීම (cyanosis)

 


Oxygen Levels, Pulse Oximeters, සහ COVID-19

COVID 19 PCR හෝ RAT (RAPID ANTIGEN TEST) POSITIVE සමහරු කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි.

සමහරක් සුලු රෝග ලක්ෂණ පෙන්වයි. 

තව පිරිසකට ඉතා දරුණුලෙස නිව්මොනියාව ඇතිවේ. 

සාමාන්‍යයෙන් මුලික රෝග ලක්ෂණ ඇති වී සතියකට පමණ පසු නිව්මොනියාව ඇතිවේ.

මෙහිදී සිදුවන රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) අඩුවීම ඉක්මනින් හදුනාගෙන ඉක්මනින්ම ඔක්සිජන් ප්‍රතිකාර පටන් ගැනීම් ඉතා වැද්ගත්.

ඒ සදහා Pulse Oximeter ඉතා වැගත් මෙහෙයක් ඉටු කරනවා.

 



Oxygen saturation (spo2 ) සාමාන්‍ය අගය 100% වේ. 

එය 95% ට වඩා අඩු වේ නම් ඉක්මනින්ම ඔක්සිජන් ප්‍රතිකාර ලබාදිය යුතුයි.

 

  

මොකද්ද happy hypoxia කියන්නේ

ඇතැම් COVID 19 රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) 95 % ට වඩා අඩුයි. 

 නමුත් හුස්මගැනීමේ වේගය වැඩිවීම්, හුස්ම හිරවීම වැනි කිසිම hypoxia රෝග ලක්ෂණයක් නොපෙන්වයි.

 රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) බැලුවොත් මිසක් හදුනාගන්න බැහැ.

 විශේෂයෙන් තරුණ රෝගීන්වේ.

 භයානකකම වන්නේ මොවුන් එකවරම අසාධ්‍යවීමයි.


 

ඔබත් covid positive ද?

නිවසේ නිරෝධායනය වන කෙනෙක් ද?

එසේනම්  රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) ගැන සැලකිලිමත වන්න

 

Heart එක service කරමුද

අද සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය (world heart day).  උපන්න දවසේ පටන් අන්තිම හුස්ම දක්වා රැයක් දවාලක් නැතිව දවස් 365 ම පැය 24ම නොනවත්වා වැඩකරන ...