අපි මුලින්ම බලමු මොකද්ද syndrome (සහලක්ෂණය ) කියන්නේ කියලා.
රෝග ලක්ෂණ හෝ තත්ත්ව කිහිපයක් එකට යෙදීමට syndrome ලෙස හදුන්වනවා.
එතකොට මොකද්ද Metabolic syndrome කියන්නේ ?
Metabolic syndrome කියන්නේ රෝග තත්ත්ව කිහිපයක් නිසා හෘද ආබාධ ,අංශ බාග හා දියවැඩියාව ( type11) සෑදීමේ අවදානම වැඩි විම.
මේ රෝග තත්ත්ව තනි තනිව තිබුනත් හෘද ආබාධ,අංශ බාග හා දියවැඩියාව හැදීමේ අවදානම වැඩි.
ඉතින් මේවා කිහිපයක් එකතු වෙලා තියෙන metabolic syndrome අවස්තාවේ අවදානම ඉතා අධික වෙනවා.
මොනවාද මේ රෝග තත්ත්ව
1 අධික රුධිර පීඩනය
2 රුධිරයේ අධික සීනි මට්ටම
3 රුධිරයේ අධික තෙල් ( triglyceride ) හා අහිතකර කොලෙස්ටෙරෝල්
4 ඉන (waist ) ප්රදේශයේ අධික ලෙස මේදය තැම්පත් වීම
පහත තියෙන රෝග තත්ත්ව 5 න් 3 කට වඩා තියෙනවා නම් metabolic syndrome ඇත.
1. ඉන ( waist ) පිරිමින්ගේ අගල් 40 ට වැඩි හෝ කාන්තාවන්ගේ අගල් 35 ට වැඩිවීම
2. රුධිරයේ triglyceride 150 mg ට වැඩි විම
3. රුධිරයේ HDL cholesterol පිරිමින්ගේ 40 mg ට වඩා අඩු හෝ කාන්තාවන්ගේ 50 ට අඩුවීම
4. Fasting blood sugar ( FBS ) 100mg/dl ට වඩා වැඩවිම
5. රුධිර පීඩනය - systolic blood pressure 130mmhg ට හෝ diastolic blood pressure 85mmhg ට වඩා වැඩ්වීම
ඉන්සියුලින් හෝමෝනය දේහ ක්රියාකාරීත්වය පවත්වා ගන්න ඉතා වැදගත්.
එමගින් රුධිරයේ ඇති සීනි අක්මාවට , මාන්ශ පේශිවලට හා අනෙකුත් පටක වලට ඇතුල්වීම වැඩි කරන නිසා රුධිරයේ සිනි මට්ටම අඩු කරනවා.
රුධිරයේ ඇති මේදය, තෙල් සංච්ත ( adipose tissue ) වල තැම්පත් කරනවා වගේම ගබඩා කරගෙන ඉන්න තෙල් වලින් රුධිරයට මේද අම්ල ( free fatty acids ) එකතුවීම වලක්වා රුධිරයේ තෙල් මට්ටම අඩු කරනවා.
දැන් බලමු Metabolic syndrome වලින් මොකද වෙන්නේ කියලා.
ශරිරය තරබාරු වෙනවිට මේදය ශරිරයෙ තැම්පත් වීම වැඩි වෙනවා.
මේ මේදය දෙයාකාරයකින් තැම්පත් වෙනවා.
එකක් සමට යටින් ( subcutaneous fat ) හා අනෙක අවයව අතර ( visceral fat ).
මේ දෙයාකාරයම අහිතකර අතර visceral fat ගොඩාක් අහිතකරයි.
ඔය තෙල් ටිකක් තිබ්බා කියලා ඔච්චර බය වෙන්නේ මොකටද ?
මේ තෙල් ටික පාඩුවේ ඉන්නවා නම් ප්රශ්නයක් නැහැ.
මේ cytokins රුධිරවාහිනී මත ක්රියාකර අධික රුධිර පීඩනය ඇති කරනවා.
Pancreas ඇතුළු අනෙකුත් අවයව වලට ක්රියාකර ඉන්සියුලින් හෝමෝනයට ප්රතිරෝධයක් ගොඩනගනවා.
ඉතින් ඉන්සියුලින් හෝමෝන මට්ටම අඩු නොවුනත් එහි ක්රියාකාරීත්වය හරියටම වෙන්නේ නැහැ.
එමනිසා රුධිරයේ සීනි හා Free fatty acids මට්ටම වැඩි වෙනවා.
අක්මවේ HDL cholesterol නිපදවීම අඩු කරනවා.
LDL cholesterol හා triglyceride නිපදවීම වැඩි වෙනවා.
අක්මවේ තෙල් තැම්පත් වීම නිසා fatty liver disease ඇති වෙනවා.
Free fatty acids වලින් Reactive Oxygen species ( ROS ) හදනවා.
දැන් මේ අධික රුධිර පීඩනය , cytokins , ROS, LDL cholesterol , සීනි එකතු වෙලා හෘදය ,
මොලය ,වකුගඩු වැනි අවයවවල ධමනිවල හා මහා ධමනියේ ඇතුලත බිත්තිය ( endothelium) තුවාල කරනවා.
මේ තුවාල වෙච්ච තැනවල ලේ කැටි ඇති වෙලා ඒ මත cholesterol තැම්පත් වීම මගින් atherosclerosis නම් සංකීර්ණ තත්ත්වය රුධිර නාලිකාවල බිත්ති වල ඇති වෙනවා.
අවසානයේ හෘදයේ , මොලයේ රුධිරවාහිනී අවහිර වීම නිසා හෘද ආබාධ ,අංශ බාග ඇති කරනවා.
Metabolic syndrome සෑදීම වලක්වා ගන්න හෝ දැනටමත් Metabolic syndrome තියෙනවා නම් මොනවාද කරන්න පුලුවන්.
හොඳ diet plan එකක් දාගෙන weight loss කරන්න.
10% of body weight හෝ 10kg වගේ බර අඩු කරන්න
දවසට පැය 1/2 ක් වත් exercise කරන්න
දුම් පානයෙන් වැලකෙන්න
ඔබේ හා ඔබේ ආදරනීයන්ගේ ජීවිත රැක ගමු නිරෝගී වෙමු
No comments:
Post a Comment