Saturday, August 7, 2021

covid positive ද ? නිවසේ සිට නිරෝධායනය වෙන්නේ කොහොමද ?

මේ දිනවල covid 19 ඉතා වේගයෙන් අපේ රට තුල පැතිරෙමින් පවතින නිසා රෝහල් බොහොමයක් රෝගීන්ගෙන් පිරීගොස් ඇත.

covid 19 positive සියලු දෙනාම රෝහල්ගතවීම නිසා ඉක්මනින් ප්‍රතිකාර කලයුතු අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර පමා වෙනවා වගේම covid positive නමුත් රෝග ලක්ෂණ නොමැති අය ඉතා අපහසුතාවයට පත්වේ.

 

මෙයට පිළියමක්ලෙස  covid positive නමුත් රෝග ලක්ෂණ නොමැති හෝ සුලු රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් දැන් නිවසේ සිටම නිරෝධායනය විය හැක. 

නිවසේ සිට නිරොධයනය වීමේ වාසි

  •  හදිස්සියේ රෝහල් ගතකල යුතු රෝගීන් හදුනාගැනීම් පහසුයි
  •  රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් සදහා රෝහලේ සම්පත් ඉතිරිකර ගැනීමට පුලුවන්වීම
  •  අනවශ්‍ය ලෙස රෝහල්ගතකිරීම අවමවීම


COVID 19 PCR TEST  හෝ RAT (RAPID ANTIGEN TEST ) POSITIVE වන සියලු දෙනාම අනිවාර්යෙන්ම නිරෝධායනය විය යුතුයි.

 COVID 19 PCR TEST හෝ RAT POSITIVE වන සියලු දෙනා රෝග ලක්ෂණ නොපෙන්වයි.

 ඇතැම් අයට සුලු රෝග ලක්ෂණ පමණක් ඇතිවේ.

 කොටස්කට පමණක් (PNEUMONIA) නිව්මෝනියාව වැනි දරුණු රෝග තත්ත්ව ඇතිවේ.

මේනිසා රෝග ලක්ෂණ නොමැති හෝ සුලු රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් පමණක් දැන් නිවසේ සිටම නිරෝධායනය විය හැක.

 හැමෝටම නිවසේ සිට නිරෝධායනය වෙන්න පුලුවන්ද?   බැහැ

එහෙනම් කාටද  පුලුවන් ?

වයස අවුරුදු 2ට වැඩි හෝ 65ට අඩු වියයුතුයි

සනීපාරක්ෂාව සහිත හොඳින් වාතාශ්‍රය ඇති නිවසේ වෙනම කාමරයක  නිරෝධායනය විය යුතුයි

තරබාරුකම, දියවැඩියාව, අධික රුධිර පීඩනය,හෘද , පෙනහලු ,වකුගඩු වැනි නිදන්ගත රෝග නොතිබිය යුතුයි

ප්‍රතිශක්තිකරණ හැකියාව හීන කරන රෝග (පිලිකා වැනි ) හෝ ප්‍රතිශක්තිකරණ හැකියාව හීන කරන බෙහෙත් දීරගකාලීනව නොගන්න කෙනෙක් විය යුතුයි

නිරෝධායනය නිවසේ හොඳ සන්නිවේදන පහසුකම් තිබිය යුතුයි

දැන් බලමු කොහොමද නිවසේ සිට නිරෝධායන වෙන ක්‍රියාපිලිවෙල

COVID 19 PCR TEST හෝ RAT POSITIVE නම් වහාම ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා Medical officer of Health ( MOH) දැනුවත් කර ඔබට නිවසේ සිට නිරෝධායනය වීමට අවශ්‍ය බව දැනුම්දෙන්න.

එවිට MOH විසින් ඔබේ විස්තර ලබාගෙන , නිවසේ සිට නිරෝධායනයට ඔබ සුදුසු නම් ඔබව Patient Home Isolation and Management Center ( PHIMC ) හි register කරනුලැබේ.

PHIMC හි register වූ පසු පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන මධ්‍යස්ථානයක් (CALL CENTER ) මගින් රෝගීන්ගේ කටයුතු කලමණාකරණය සිදුකරයි.

PHIMC හි Medical care team එකේ වෛද්‍යවරයෙක් විසින් මූලික පරීක්ෂාව සිදුකර පසුව දිනපතා අධීක්ෂණය කරනුලැබේ.

මූලික පරීක්ෂාව සිදුකරවිට හෝ නිවසේ සිට නිරෝධායනය දින 14 ඇතුලත අවධානම් රෝග ලක්ෂණ ( RED FLAG symptoms ) තිබේ නම් වහාම රෝහල් ගත කරනුලැබේ.

 මොනවද මේ RED FLAG රෝග ලක්ෂණ

කැස්ස සමඟ ලේ පිටවීම
හුස්ම ගැනීමට අපහසු වීම හෝ හුස්මක් නොගෙන වචන කිහිපයක් එක දිගට කතා කිරීමට අපහසු වීම
ඉතා අධික පපුව කැක්කුම
අත් කකුල් සීතල හා සුදුමැලි වීම
සමේ පැල්ලම් ඇති වීම
මුත්රා පිටවීම අඩු වීම
සිහිකල්පනාව වෙනස්වීම
තොල් , දිව අදුරු පැහැති වීම
හෘද ස්පන්දන වේගය විනාඩියකට 110 ට වැඩි විම
රුධිරය ඔක්සිජන් 94% ට අඩු වීම
හුස්ම ගන්න වේගය විනාඩියක 20 වැඩි විම
රුධිර පීඩනය ( Systolic blood pressure ) 100 ට වඩා අඩු වීම
විජලනය 


නිවසේ සිට නිරෝධායනය දින 14 කින් අවසන් වේ. 

නමුත් රෝග ලක්ෂණ දින 14 ට වඩා පෙන්වයි රෝග ලක්ෂණ අවසන් තුරු අධීක්ෂණය කරනුලැබේ.


 


පරිස්සම් වෙමු  🙏🙏🙏

No comments:

Post a Comment

Heart එක service කරමුද

අද සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය (world heart day).  උපන්න දවසේ පටන් අන්තිම හුස්ම දක්වා රැයක් දවාලක් නැතිව දවස් 365 ම පැය 24ම නොනවත්වා වැඩකරන ...