Tuesday, July 20, 2021

HIGH BLOOD PRESSURE (අධික රුධිර පීඩනය )

 

කාලෙකින් PRESSURE එක බලා ගත්තෙ නැද්ද ?


ඔබ නොදැනුවත්වම අධික රුධිර පීඩනය ( HIGH BLOOD PRESSURE ) තියෙනවා වෙන්න පුලුවන්.
සාමාන්යයෙන් PRESSURE එක කීයද තියන්න ඕනා ???

PRESSURE එක අගයන් 2 කින් තමා කියන්නේ
උදා 140/90 mmhg

SYSTOLIC BLOOD PRESSURE 140
DIASTOLIC BLOOD PRESSURE 90

අපි කලින් කිව්වේ SBP එක 140 ට අඩුවෙනුත් DBP එක 90 ට අඩුවෙනුත් තියා ගන්න කියලා.
ඒත් අලුතින් AMERICAN HEART ASSOCIATION එක කියන්නේ

SBP 120 ට අඩුවෙනුත්
DBP 80 ට අඩුවෙනුත් තියාගන්න කියලා .

ඉතින් PRESSURE ටිකක් වැඩි උනා කියලා මොකද වෙන්නේ.
ඔච්චර බය වෙන්න ඕනෙද ?

ඔව්!! ඔව්!! ඔව්!!

අධික රුධිර පීඩනය කියන්නේ පිලිලයක්.
ගෑවුණත් විනාශයි. මාරක රොග ගනනාවකට හේතුවක්.
හෘද ආබාධ , අංශ බාග , වකුගඩු අකර්මණ්ය වීම , ඇසේ සුද වගේම ඇසේ පෙනීම අහිමි වීම ආදී රොග ගනනාවක් ඇති වීමට හේතුවක්.

මේනිසා ටිකක් ඔබේ ජීවිතය ගැන හිතුවොත් හොඳයි නේද ?

කොහොමද PRESSURE එක අඩු කර ගන්නේ ?

  • ආහාරයට ගන්න ලුණු ප්රමාණය අඩු කරන්න
  • ඔබ තරබාරු කෙනෙක් නම් ඇගේ බර 10% කින් අඩු කරන්න
  • තරබාරු උනත් නැතත් දිනපතා ව් 20 කට වඩා ව්යායාම කරන්න
  • බෙහෙත් මගින් පාලනය කරන්න පුලුවන්

එහෙනම් තවත් හිත හිත ඉන්න එපා.
ඔබේ BLOOD PRESSURE එක බලා ගන්න.
රොග වලින් ආරක්ෂා වෙමු.

2 comments:

  1. Dr, heart beat rate change wena eken monawada kiyawenne

    ReplyDelete
  2. Normal heart rate එක 72 beats/min regular rhythm තියෙන්නේ.
    මේ rate එක 60-100 අතර වෙනස් වෙන්න පුලුවන්.
    ඒත් rate එක 60ට අඩු හෝ 100ට වැඩි නම් හේතුව හොයන්න ඕනා.
    Diseases , fever , poisons , medications නිසා heart rate එක වෙනස් වෙන්න පුලුවන්.

    ReplyDelete

Heart එක service කරමුද

අද සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය (world heart day).  උපන්න දවසේ පටන් අන්තිම හුස්ම දක්වා රැයක් දවාලක් නැතිව දවස් 365 ම පැය 24ම නොනවත්වා වැඩකරන ...