පිලිකා රෝගියකු, අහිංසක තැලසීමියා රෝගී දරුවෙක් තව දිනක් ජීවත් කරවමුද ?
ගර්භණී මවක්, රිය අනතුරකට ලක්වූ අයෙක් රැක ගමුද ?
Covid 19 තත්ත්වය නිසා රටේ රුධිර සංච්ත අඩුවෙලා....
අපේම ජිවිතයක් බේරාගන්න ලේ ටිකක් දෙමුද?
ලේ දෙන්න කැමතියි ඒත් අපිට පුලුවන්ද ?
දීලා ප්රශ්නයක් වෙයිද ?
අපේ ඇඟේ රුධිරය කොපමණ තියෙනවාද ?
ඒක තීරණය කරන්නේ අපේ බර අනුව.
කෙනෙකුගේ බරෙන් 8% ක් රුධිරය ඇත.
බර 50kg නම් 4 L
බර 70kg නම් 5.6 L
නිරෝගී පුද්ගලයකුගේ රුධිරයෙන් 10-15% එකවර ඉවත් උනත් ජීවිතයට ලොකු අවදානමක් ඇති නොවේ.
මෙනිසා වරකට රුධිරය 450ml පමණ ලබා ගනු ලැබේ.
ලේ දෙන්න තිබිය යුතු සුදුසුකම් මොනවාද ?
- වයස අවුරුදු 18 ට වැඩි සහ 60ට අඩු විය යුතුය
- බර 50kg ට වැඩි විය යුතුය
- රුධිරයේ හිමොග්ලොබින් Hg 12.5 ට වැඩි විය යුතුය
- මාස 4ක් ඇතුලත ලේ ලබා නොදී තිබිය යුතුය
- හෘද ආබාධ , අධික රුධිර පීඩනය ,දිය වැඩියාව ,වකුගඩු රෝග , අක්මා රෝග , ස්නායු රෝග , පිලිකා වලින් තොර විය යුතුය
- මැලේරියාව , සෙංගමාලය ( Hepatitis B, C ), HIV නොතිබිය යුතුය
එසේම රුධිරය මගින් බෝවන HIV , Hepatitis B සැදීමේ අවදානම අඩු කරගැනීමට පහත තොරතුරු නොසගවා පවසන්න.
ඔබ පිරිමි අයෙක් නම් , තවත් පිරිමි අයෙක් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඇත්නම්
මුදලට ලිංගික සේවයේ යෙදී ඇති නම් හෝ එවැනි අයෙකුගේ සේවය ලබා ගෙන ඇත්නම්
වසරක් ඇතුලත රුධිරය හෝ රුධිර කොටස් ලබා ගෙන ඇත්නම්
වසරක් ඇතුලත කන් විද හෝ පච්ච කොටා ඇත්නම්
මාස 6ක් ඇතුලත ශල්ය කර්මයට ලක්වී ඇත්නම්
තවද ලේ දෙන ඔබේ ආරක්ෂාවට
පැය 6කට වඩා නින්ද ලබා තිබිය යුතුය
පැය 4ක් ඇතුලත ආහාර ලබා තිබිය යුතුය
අධික ලෙස වෙහෙස නොවිය යුතුය
ලේ දීලා අපිට වෙන ලෙඩ හැදෙයිද ?
නැහැ .
ලේ දුන්නා කියලා කිසිම ලෙඩක් ඇති නොවේ.
ඉතා කෙටි කලකින් ලබා දුන් රුධිරය අපේ ඇගේ හැදෙනවා.
තවද හෘද ආබාධ , අංශ බාග වැනි රෝග වලින් ආරක්ෂාව ලැබෙනවා.
එහෙනම් අපිත් ලේ ටිකක් දෙමු නේද ?
Thank you Doctor මටත් ලේ දෙන්න හිතුනා මේක post එක කියවලා...
ReplyDeleteThank you very much for your encouragement...
Deleteplease donate blood ...
Great 👍
ReplyDeleteThank you ...
Delete