Wednesday, July 28, 2021

Basic Life Support දන්නවාද ?

ඔයාලා කාගේ හරි ජීවිතයක් බේරාගෙන තියෙනවාද ?
 
එතකොට දැනෙන සතුට අත්විඳලා තියෙනවාද ?
 
කොහොමද එහෙම කරන්නේ ???
 
අද අපි කතා කරන්නේ ඒ ගැන තමා. 
 
 
 
ADULT LIFE SUPPORT 
 
මේකේ කොටස් 2 ක් තියෙනවා 
 
1. Basic Life Support 
 
2.Advance Life Support 
 
Basic Life Support
 
මේක අපි හැමෝම දැනගත යුතුම දෙයක් .
ගොඩාක් දෙනෙක් දන්නවාත් ඇති.
එහෙනම් ටිකක් මතක්කර ගමු.
විවිධ හේතු නිසා හදිස්සියේම කෙනෙක් සිහිසුන්ව ප්රතිචාර නොදක්වා සිටිය හැක.
( Collapsed )
 
මෙය හදිසි හෘද ආබාධයක් ( Heart Attack ) , 
හදිසි රථවාහන අනතුරක් ( Road traffic accident ) 
දියේ ගිලීමක් ( Drowning ) 
විෂවීමක් ( poisoning ) 
රුධිරයේ සිනි අඩු හෝ වැඩි විමක් ( Hypoglycemia or Hyperglycemia ) 
ශරීරයෙ උෂ්ණත්වය අඩු හෝ වැඩි විමක් ( Hypothermia or Hyperthermia ) 
රුධිරයේ පොටැසියම් මට්ටම අඩු හෝ වැඩි විමක් ( Hypokalemia or Hyperkalemia ) මෙන්ම තවත් හේතු ගනනාවක් විය හැක.
 
මෙම හේතු වලින් බොහොමයක් නැවත යතා තත්වයට පත්කල හැකිය. ( Reversible ).
 
ඉතින් මොකද්ද ප්රශ්නය ???
 
කුමන හේතුව නිසා හරි මොලයට හා අනිත් වැදගත් අවයව වලට රුධිරය ඔස්සේ ලැබෙන ඔක්සිජන් නැවතුනොත් එම අවයව මිය යනවා.
 
ඔක්සිජන් නැතුව මොලය විනාඩි 2 ක් , හෘදය විනාඩි 5 ක් අක්මාව හා වකුගඩු විනාඩි 30 ක් තිබුනොත් එවා මිය යනවා.
 
ඉතින් Reversible cause එකක් උනත් නිවරදි කරන්න පරක්කු උනොත් තේරුමක් නැහ.
 
මෙහෙම හිතමු, අපේ හිතවතෙකුට හදිසි හෘද ආබාධයක් හැදිලා සිහිසුන්ව ප්රතිචාර නොදක්වා සිටිනවා. 
රෝහලට ගෙනියන්න විනාඩි 30 ක් විතර යනවා.
 
මොකද්ද කරන්න පුලුවන් ???
රෝහලට ගෙනියනකල් මොලය හා අනිත් වැදගත් අවයව රැක ගන්නේ කොහොමද ???
 
එකට තමා Basic Life Support තියෙන්නේ.
 
එහෙනම් basic life support එකේ අරමුණ මොලයට හා අනිත් වැදගත් අවයව වලට රුධිරය සැපයුම නොනැසී පවත්වා ගැනීම මගින් ඔක්සිජන් සැපයුම.
 
අපි බලමු කොහොමද Basic Life Support කරන්නේ කියලා
 
ඒකේ පියවර ටික DR'S ABCD කියලා මතක තියාගන්න පුලුවන් 
 
D - Danger
R - Response
S - Shout for help
A - Airway
B - Breathing
C - Circulation
D - Defibrillation 
 

 
Danger
 රෝගියා සිටින තැන ආරක්ෂා සහිතද? කියලා බලන්න ඔනා. 
 මාර්ග අනතුරකදී , විදුලි සැර වැදීමකදි අපි මුලින්ම රෝගියා ආරක්ෂිත තැනකට ගන්න ඕනෑ.
 
Response
අපි රෝගියා අසලට ගිහින් කතා කරනවා.
ඇස් අරින්න 
ඔයාට මාව ඇහෙනවාද ?
එයා ප්රතිචාර දක්වනවාද කියලා බලනවා.
 
A - Alert
V - Verbal
P - Pain
U - Unresponsive 
 
 
 

 
Shout for help
රෝගියා ප්රතිචාර නොදක්වා සිටිනවා (unresponsive ) නම් , වහාම උදව් ඉල්ලා කැගහලා , ඉක්මනින් ඊලඟ පියවට යනවා.
 
Airway
යම් පුද්ගයෙක් සිහිසුන්ව සිටිනවිට එයාගේ දිව ආපස්සට වැටිලා ශ්වසන මාර්ගය අවහිර වෙනවා. 
මේනිසා ශ්වසන මාර්ගය විවෘත කරගන්න Head tilt හා Chin lift කරනවා.
 
Head tilt - අපේ එක අතක් බොහෝ විට වම් අත රෝගියගේ නලල මත තබාගෙන රෝගියගේ හිස පිටුපසට තද කරනවා.
 
Chin lift - අපේ දකුණු අතේ ඇගිලි තුඩු රෝගියගේ නිකට යටින් තබා නිකට උඩට ඔසවනවා.
 
 
 

 
 
Breathing
රෝගියගේ ශ්වසන මාර්ගය විවෘතව තබාගෙන අපි ඔහු හුස්ම ගන්නවාද කියා බලනවා.
 
Look Listen Feel for normal breathing 
 
අපි අපේ වම් කන රෝගියගේ නහය අසලට කිට්ටුකරන් ඇස් රෝගියගේ පපුවට යොමු කරනවා.
එවිට හුස්ම ගන්නවිට පපු ප්රදේශයේ චලනය දැකගැනිමටත් ප්රාශ්වාස වාතය කම්මුලට වදින බව හා එහි හඩ කනට දැනේවි.
 
මේ සදහා තත්පර 10 කට වඩා වැය කරන්න එපා.
 
 
 

 
Circulation
රෝගියා හුස්ම ගන්නවා නම් , ඔහුගේ නාඩි පරික්ෂා කරනවා. 
 
Defibrillation
AED ( Automatic External Defibrillator ) පහසුකම් තිබේ නම් , එය සම්බන්ධ කරනවා.
මෙය අලුත් ambulance වල තියෙනවා.
 
රෝගියා හුස්ම නොගනී නම් වහාම CPR (Cardio Pulmonary Resuscitation) පටන් ගන්න ඕනෑ. 
එහි කොටස් 2.
 
Chest compression හා rescue breaths
 
Chest compression
රෝගියා අසල අපි දන ගහගෙන අපේ එක අතක් ( බොහෝ විට වම් අත ) රෝගියගේ පපුව මැදින් තියනවා.
එනෙක් අත කලින් අත උඩින් තියෙනවා.
දැන් අත් දෙක කෙලින් තබාගෙන 5-6 cm පපුව එබෙන්න , විනාඩියක ට 100-120 වගේ වේගයකින් රොගියගෙ පපුව තෙරපනු ලැබේ.
 
 

 
 
තෙරපුම් 30 කට පසු Rescue breaths ලබා දෙනු ලැබේ
 
 

 
අපි හොඳ හුස්මක් අරගෙන රෝගියගේ මුවට කිට්ටුකරන් නහය වසා රෝගියගේ පපුව පිරෙන්න පිබින්න.
මෙවැනි හුස්ම 2 ලබාදී නැවත තෙරපුම් ලබා දෙන්න.
30:2 අනුපාතයට නොනවත්වා කරන්න.
හුස්ම ලබාදීමට නොහැකි නම් තෙරපුම් හෝ නොනවත්වා ලබා දෙන්න.
රෝගියා රෝහලට ගෙනියනකල් මෙය නොකඩවා කලයුතු වෙනවා.
 
රුධිරයේ ඔක්සිජන් නැතුව මොලය විනාඩි 2 , හෘදය විනාඩි 5 , වකුගඩු විනාඩි 30 වැනි කාලයකදී මිය යා හැකි නිසා නොනවත්වා CPR දිය යුතුය.
 
ඔබත් පුරුදු වෙන්න.
ජිවිතයක් බේරාගන්න.

2 comments:

Heart එක service කරමුද

අද සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය (world heart day).  උපන්න දවසේ පටන් අන්තිම හුස්ම දක්වා රැයක් දවාලක් නැතිව දවස් 365 ම පැය 24ම නොනවත්වා වැඩකරන ...