අද සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය (world heart day).
උපන්න දවසේ පටන් අන්තිම හුස්ම දක්වා රැයක් දවාලක් නැතිව දවස් 365 ම පැය 24ම නොනවත්වා වැඩකරන හෘද වස්තුවට මොකටද මේ දවසක් වෙන්කරලා? ඔව් හරිනම් දවස් 365ම වෙන් කරන්න ඕනා. ඒත් අඩුගානේ එක දවසක්වත් අපේ හෘදය වස්තුව ගැන හිතන්න එය පරිස්සම් කරගන්න මතක් කරන්න තමයි අද දවස වෙන් කරල තියෙන්නේ.
ඇයි ඔච්චර වැදගත් ?
ලෝක හෘද සංගමය (world-heart-federation) කියන විදිහට Cardiovascular disease (CVD) remains the world’s number one killer, resulting in 18.6 million deaths a year. Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්රිත රෝග නිසා වසරකට මිනිස් ජීවිත 18.6 million ක් අහිමිවෙනවා කියන්නේ සෙල්ලමක් නෙමේ.තව 520 million ක් Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්රිත රෝගය නිසා පීඩාවිදිමින් ජීවත් වෙනවා.
ලංකාවේ තත්වය කොහොමද ?
WHO එකේ දත්ත අනුව 2018 ලංකාවේ හෘද වාහිනී අශ්රිත රෝග නිසා මිනිස් ජීවිත 28,777 ක් අහිමිවෙලා තියෙනවා මෙය සමස්ථ මරණ වලින් 22.64 % කි
.
රෝහල්වල සිදුවන මරණවලින් බොහොමයක් සිදුවන්නේ Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්රිත රෝග නිසා.මේ නිසා Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්රිත රෝග ගැන දැනුවත් වෙමු ජීවිත සුරකිමු.
Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්රිත රෝග අතිවෙන්නේ කොහොමද?
ශරීරයේ අනෙකුත් අවයව වලට වගේම හෘදයටත් ඔක්සිජන් ඇතුලු පෝෂක ඕනා. ඒවා ලැබෙන්නේ කිරීටක ධමනි ඔස්සේ ලබෙන අඛන්ඩ රුධිර සපයුම නිසයි.මේ කිරීටක ධමනි බිත්ති තුල අතිවන Atherosclerosis නම් තත්වය නිසා එම රුධිර නාල අවහිරවේ.මේ නිසා හෘදයේ නිසි ක්රියාකාරීත්වයට බාධා ඇතිවේ.
එතකොට මොකද්ද Heart attack කියන්නේ?
දැනටත් Atherosclerosis නිසා තරමක් අවහිර වෙලා තියෙන රුධිරනාලය ලේ කැටියක් නිසා එකවරම සම්පුර්ණයෙන්ම අවහිරවෙන නිසා රුධිර සපයුම නොමැතිව හෘදයේ කොටසක් මියදීමයි.
Cardiovascular disease (CVD) හෘද වාහිනී අශ්රිත රෝග අතිවෙන්න බලපාන හේතු මොනවාද?
වයස
වයස වැඩි වනවිට රුධිරනාල අවහිර වීමට අවදානම වැඩිවේ
ගැහැනු පිරිමි බව
පිරිමි අයට අවදානම වැඩිවේ
පවුලේ හෘද රෝග ඉතිහාසය
දෙමාපියන්ට හෝ සහෝදරසහොදරියන්ට වයස 55ට පෙර රෝගය ඇතිනම්
දුම්පානය
එහි ඇති Nicotine මගින් රුධිරනාල තද ගතියක් ඇති කරයි
carbon monoxide මගින් රුධිරනාල බිත්තිය තුවල කර Atherosclerosis ඇතිවීම වේගවත් කරයි.
අධික රුධිර පීඩනය Atherosclerosis ඇතිවීම වේගවත් කරයි
දියවැඩියාව Atherosclerosis ඇතිවීම වේගවත් කරයි
තරබාරුකම Atherosclerosis ඇතිවීම වේගවත් කරයි
රුධිරයේ cholesterol මට්ටම වැඩි වීම Atherosclerosis ඇතිවීම වේගවත් කරයි
වැරදි ආහාර පුරුදු
ශරීරයේ ක්රියාශීලීත්වය අඩු වීම
ආතතිය - stress අධිකවීම
Heart එක service කරන්නේ කොහොමද?
(හෘද ආබාධ එන්න නොදි ආරක්ෂාකර කරන්නේ කොහොමද )
දුම්පානය නතර කරන්න
අධික රුධිර පීඩනය, දියවැඩියාව, රුධිරයේ cholesterol මට්ටම වැඩි වීම වැනි රෝග ඇත්නම් නිවරදිව බෙහෙත් පාවිච්චි කරන්න
දිනකට විනාඩි 30ක් වත් exercise කරන්න
නිවරදි ආහර රටාවකට හුරුවෙන්න
ශරීරයට ගැලපෙන බර පවත්වා ගන්න
stress පාලනය කරන්න
Cardiovascular disease ගැන දැනුවත් වෙමු
පරිස්සම් වෙමු
No comments:
Post a Comment