ඇයි මෙහෙම මහත්(obese ) වෙන්නේ
කෑමක් දැක්කත් ඇති මහත් (obese ) වෙන්න
අපිට කවදාවත් කෙට්ටු (slim ) වෙන්න බැරි වෙයිද ???
weight loss කරන්න , healthy life එකක් ගෙවන්න , කැමති ඇදුම් අරගෙන fashion කරන්න කවදාවත් බැරි වෙයිද ???
මේ අපි ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් .
ඇයි මහත් (obese ) වෙන්නේ ?
මහත්(obese) වෙන්න හේතු ගනනාවක් තියෙනවා.
අපිට පාලනය කරන්න පුලුවන් සහ පාලනය කරන්න බැරී වශයෙන් කොටස් 2යි.
ජාන මගින් පරම්පරාවෙන් පරම්පරාවට තරබාරු (obesity )වෙන අවස්තා තියෙනවා.
ඉතාමත් සුලු පිරිසක්.
සමහර රෝගාබාධ , විශේෂයෙන් අන්තරාසර්ග පද්ධතිය (endocrine system ) සම්බන්ධ රෝග.
ඔය හෝමෝන ( hormone) සම්බන්ධ රෝග කියන්නේ .
උදා තයිරොයිඩ් (Thyroid ) හෝමෝන අඩුවෙලා ඇති වෙන Hypothyroidism.
මේවා බොහොමයක් බෙහෙත් මගින් පාලනය කරන්න පුලුවන්.
සමහර බෙහෙත් වර්ග ( corticosteroids , antidepressants, insulin ,anti-seizure,) ගොඩාක් කාලයක් පාවිච්චි කරන විට එහි අතුරු ආබාධයක් ලෙස මහත් වෙනවා.
තරබාරු (obese) වීම් නිසා ඇති වෙන්න පුලුවන් සංකුලතා
- අධික රුධිර පීඩනය ( high blood pressure )
- දියවැඩියාව (diabetes )
- හෘද ආබාධ (heart attacks )
- අංශ බාගය (stroke )
- අක්මා රෝග (liver diseases )
- වකුගඩු රෝග (kidney diseases )
- හන්දි හා මාංශපේශි ආබාධ ( muscles & joints diseases )
- පිලිකා ( cancer )
වැනි බොහොමයක් රෝග වලකාලීමට කරන්න පුලුවන් මොක්කද්ද ???
Weight loss දැනගෙන කරමු
කොහොමද ???
අඩුම ගානේ ශරිරයේ බරෙන් 5% හෝ 10% weight loss කරමු
ඊට වැඩි නම් තවත් හොඳයි
නමුත් අපිට පාලනය කරන්න පුලුවන් ඒත් අපේ නොසැලකිලිමත්කම සහ කම්මැලිකම නිසා තමයි ගොඩාක් දෙනෙක් මහත්(obese ) වෙන්නේ.
අපේ දවසේ වැඩ කටයුතුවලට ශක්තිය අවශ්‍යතාව ආහාර වලින් ලබා ගන්නවා.
එය එක් එක් පුද්ගලයා අනුව වෙනස්.
අපි කියමු 2000 kcal ඔනා කියලා,නමුත් වැරදි ආහාර පුරුදු නිසා 3000kcal විතර ගන්නවා.
Exercise අඩු නිසා වැය කරන්නේ 1000kcl විතරයි.
ඉතිරි 2000kcal ටික තෙල් ( Fat)විදිහට ඇගේ තැම්පත් කරනවා.
7000kcl = 1kg FAT
ඔහොම සති කිහිපයකින් මාසයකින් අවුරුද්දකින් කොච්චර තෙල් තැම්පත් වෙයිද
විසදුම තියෙන්නෙත් ඔතනම තමා.
කරන්න බැරි දෙයක්ද ? අපෝ පුලුවන්
කොහොමද කරන්නේ ?
හොඳ diet plan එකක් දාගෙන කෑමෙන් එන Kcal අඩු කරනවා
Exercise වලින් kcal loss වෙනඑක වැඩි කරනවා
7000 kcal අඩු උනා කියන්නේ බර 1kg අඩු වෙනවා
අදම බර මනිමු
Weight එකෙන් 5% හෝ 10% calculate කරමු
ගැලපෙන Diet plan එකක් තෝරාගමු
Intermittent Fasting කරන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි.
Time period එකක් තියා ගන්න 1week / 2week/ 1 month / 3 months
Eg ## 10 kg weight loss challenge ## in 3 months
Target එකට යමු
දවසක පැය 1/2 ක් වත්
exercise කරන්න ( jogging / cycling / swimming/ weight lifting )
දවසෙන් දෙකෙන් ගොඩාක් බර අඩු (weight loss )කරන්න යන්න එපා.
අවුරුදු ගානක් එකතුවෙච්ච තෙල්(fat) තට්ටුව දවසෙන් දෙකෙන් අඩු කරන්න බැහැ.
ටිකෙන් ටික අඩු කරන්න පුලුවන්.
# weight loss දැනගෙන කරමු #
සැහැල්ලු වෙමු නිරෝගී වෙමු
I am interested in following a weight loss program along with a hormone test and a proper diet plan. Please direct me on the schedule and the correct path.
ReplyDeletegood
ReplyDeleteplease join my facebook group 'weight loss දැනගෙන කරමු'.
"නමුත් අපිට පාලනය කරන්න පුලුවන් ඒත් අපේ නොසැලකිලිමත්කම සහ කම්මැලිකම නිසා තමයි ගොඩාක් දෙනෙක් මහත්(obese ) වෙන්නේ.">>The assumption that gluttony and sloth cause obesity is fundamentally wrong. The underlying cause for over eating is basically hormonal. Nothing can be achieved by shaming and blaming obese people. "Calorie in and calorie out" theory has been debunked and any approach to reduce weight by restricting calories in the diet and doing more exercise is bound to fail. The quality of food we eat, not the quantity( calories) is much more important than exercise to loose your weight.
ReplyDeleteThank you very much for your feedback.
DeleteThough it is hormonal you can challenge obesity with a good diet plan and regular exercise.
Aim of this post is to encourage people to engage in LIFE STYLE MODIFICATION.
NOT to insult obese people.
CALORIE RESTRICTION is a basic practice for a newcomer in diet control.
Gradually we can discuss about intermittent fasting , low carb diets, keto diets and extended fasting in near future.