6. Paleo diet
7. Plant based diet
8. The Zone Diet
10. DASH Diet
ඔබ දැනගත යුතු වැදගත්ම දේ තමයි Diet කරනවා කියන්නේ අනවශ්‍ය විදිහට බඩගින්නේ දුක් විදිනවා කිය එකනම් නෙමේ.
Pulse oximeter
මේ දිනවල covid 19 පැතිරීමත් එක්ක ගොඩාක් කතාවෙන වචනයක්.
ගෙදර නිරෝධයනය වන covid positive කෙනෙකුගේ හෝ රෝහල්ගතව ප්‍රතිකාර ගන්න කෙනෙකුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම දැනගැනීමට භාවිතාකරන උපකරනයකි.
මේ උපකරණය මගින් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය ( oxygen saturation - SPO2 ) හා හෘද ස්පන්දන වේගය ( heart rate / pulse rate ) දැන ගන්න පුලුවන්.
oxygen saturation - SPO2 අගය ප්‍රතිශතයක් ලෙස දැක්වෙන නිසා උපරිම අගය 100% වේ.
නිරෝගි පුද්ගලයෙකුගේ මේ SPO2 අගය 95%-100% අතර විචලනය වෙන්න පුලුවන්.
95% ට වඩා අඩු වෙනවාන්ම් සැලකිලිමත් විය යුතුයි.
ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගතයුතුයි.
Pulse oximeter භාවිතා කිරීමේ වාසි මොනවද ?
වේදනාකාරී නොවේ.
භාවිතය පහසුයි වගේම විශේෂ පුහුණුවක් අවශ්‍ය නොවේ
ඉක්ම්නින් SPO2 අගය දැන ගත හැක
Pulse oximeter භාවිතා කිරීමේ ඇති ගැටලු මොනවාද?
නිරවද්‍යතාව තරමක් අඩුයි
නිවරදිව භාවිතා නොකලොත් වැරදි අගයන් ලබාදෙයි
Pulse oximeter එකේ නිවරදි අගයක් ලැබීමට කරැනු කිහිපයක් බලපානවා.
හොඳ ක්‍රියාකාරී තත්වයේ තිබෙන machine එකක් වෙන්න ඕනා.
සමහරවිට pulse oxymeter machine එකේ ගැටලුවක් හෝ බැටරිවල ගැටලුවක් නිසා වැරදි අගයන් ලැබෙන්න පුලුවන්.
රතුපාට light එක මගින් නිකුත් කරන infrared මගින් තමයි අගයක් ලබා දෙන්නේ.
එනිසා නිවරදි පැත්තට හොදින් ඇගිල්ලට සවි කරන්න ඕනා.
නියපොත්ත අවපැහැයට හැරී තිබුනොත් හෝ නිය ආලේපන තිබ්බොත් අගය වෙනස් වෙනවා.
අත තෙත් නොවිය යුතුය.
SPO2 මනින විට අත නොසෙල්වා නිශ්චලව තබා ගත යුතුයි.
අතට හොඳ රුධිර සැපයුමක් තිබිය යුතුය.
ශරිරයෙ රුධිර පීඩනය අඩු වෙලාවට හෝ අත ගොඩාක් සීතල වුනාම අතේ ඇගිලි වල රැධිර කේෂනාලිකාවලට ලැබෙන රුධිර අඩු නිසා දෝෂ ඇතිවේ.
පරිස්සම් වෙමු
අපේ ආදරනීයන් රැක ගැනීමට සැවොම එක්වෙමු
කාලයෙන් කාලයට FACE BOOK එකේ, VIBER , WHATSAPP වල විවිධ ආයතන, පුද්ගලයෝ කිව්වා කියලා බොරු ප්‍රචාර (FAKE POSTS) SHARE වෙනවා.
මේ දවස් වල COVID 19 ගැන කතාබහ වැඩිනිසා මේ කාලේ ආයෙත් මේ FAKE POSTS කරලියට ඇවිත් තියෙනවා.
ගොඩාක් දෙනෙක් නොදැනුවත්ව යහපත් චේතනාවෙන් SHARE කරනවා.
ඒත් මෙහි අන්තර්ගතය බොරු නිසා කවුරුහරි අත්හදා බැලුවොතත් හානි සිදු වෙන්නත් පුලුවන්.
අනික COVID වලින් ආරක්ෂා වෙන්න කලයුතුම දේවල් මගහැරී යන්නත් පුලුවන්.
IDH රෝහලෙන් නිකුත්කලා කියලා කාලෙක සිට මේක SHARE වෙනවා.
යම්කිසි ද්‍රව්‍යයක ආම්ලික හෝ භාෂ්මික බව මැනීමට pH අගය භාවිතා කරනු ලැබේ.
මේ PH අගය 0-14 දක්වා පරාසයක පැතිරෙන අතර ජලය උදාසීන ලෙස ගෙන ජලයේ pH අගය 7 ද 7 ට අඩු ද්‍රව්‍ය ආම්ලික ලෙසද අගය 7 ට වැඩි ද්‍රව්‍ය භාෂ්මික ලෙස ද හැඳින්වෙයි.
COVID VIRUS එක pH 5.5 - pH 8.5 දක්වා ක්‍රියාකරන බව පවසා ඇති අතර ඒ නිසා භාෂ්මික ආහාර ගත යුතු බව පවසයි.
මෙය 1991ක වසරේ පලවූ පරණ research එකක් වරදවා වටහා ගැනීමකි.
මෙය අලුත් COVID VIRUS එක සමග සම්බන්දයක් නැත.
අපේ ශරීරයේ අභ්‍යන්තර pH අගය නියතව 7.4 (7.35-7.45) පවත්වා ගත යුතුයි.
අපි මොනවා කෑවත් බිව්වත් මෙය වෙනස් නොවේ.
නියතව පවති.
අපි ආම්ලික ආහාර හෝ භාෂ්මික ආහාර කෑමට ගෙන ශරීරයේ අභ්‍යන්තර pH වෙනස් කරන්න යෑම විහිලුවකි.
කල නොහැකි දෙයකි.
අපේ ශරීරයේ අභ්‍යන්තර pH අගය හදිස්සියේ හෝ වෙනස් උනොත් මියයාමට සිදුවේ.
මෙහි සඳහන් කර ඇති pH අගයන් බොහෝමයක් බොරු අගයන්වේ.
pH අගය6ක් පමණ වන අලිගැට පේරවල pH අගය 15.6 කි.
ආම්ලික අන්නසි වල pH අගය pH 12.7 කි.
vitamin C, E, D , zinc ඕනැම සමබර ආහාර වේලක අන්තර් ගතව ඇත.
අමුතුවෙන් විටමින් පෙති අවශ්‍ය නැත.
මේවා වැඩිපුර ගත්තා කියා අමුතු ආරක්ෂාවක් නොලැබේ.
නමුත් වැඩිපුර vitamin D,E, ගැනීම හානිකර විය හැක.
හිරුඑලිය හොඳයි, vitamin D ලැබෙනවා. ඒත් එයින් අමුතු ආරක්ෂාවක් නොලැබේ.
එසේ නම් හොඳින් හිරු එලිය ලැබෙන පුත්තලම, හම්බන්තොට වැනි ප්‍රදේශවල COVID
බෝ නොවිය යුතුයි.
ඔබ පානය කලයුතු ජල ප්‍රමාණය වයස, ස්ත්‍රී පුරුෂ බව , ඇඟේ බර , සෞඛ්‍ය තත්වය, මත රඳා පවතී.
1.5l වැඩිහිටියෙකුට ප්‍රමාණවත් නොවේ.
දැන් මේ FAKE POST එකම සමහර කොටස් පොඩ්ඩක් වෙනස් කර නැවත කරලියට පැමින ඇත.
එත් අන්තර්ගත කරුනුවල වෙනසක් නැත.
සැලකිලිමත් වන්න.
මේ පරණබොරු ටිකම තමයි.
මේ දවස් වල තව FAKE voice clip එකක් share වෙනවා Professor Malik Peiris මහතා නිකුත්කලා කියලා.
එකත්බොරුවක්.
පරිස්සම් වෙමු
මොකද රුධිරයේ ඔක්සිජන් මට්ටම (blood oxygen level) ඔච්චර වැදගත්?
පෙනහලු වලින් ලබාගන්නා ඔක්සිජන් රුධිරයේ තියෙන රතු රුධිරාණුවල හිමොග්ලොබින් අනුවලට බැඳි රුධිරවාහිනි ඔස්සේ මුලු ශරීරය පුරා ඔක්සිජන් බෙදා හරී.
හෘද රෝග (heart disease) හා රුධිරවාහිනී වල රෝග තිබුනොත් පෙනහලු කෙතරම් හොදින් ඔක්සිජන් ලබා ගත්තත් ඒවා ශරීරයේ අනිත් අවයව වලට රැගෙනයාම අපහසුයි.
ඒ වගේම රුධිරයේ හිමොග්ලොබින් අගය අඩු වුනොත් (anaemia ) ඔක්සිජන් රැගෙනයාම දුෂ්කරවේ.
රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම මගින් ඉහත රෝග නිසා යම් බලපැමක් වි ඔක්සිජන් මට්ටම අඩුවි ඇත්නම් ඉක්මනින් යතා තත්වයට පත්කිරිමට පහසුවේ.
අතේ හෝ පාදයේ ප්‍රධාන ධමනියක් විද ලේ ලබා ගැනීමට සිදුවේ.
වේදනාකාරී වේ.
වඩාත් නිරවද්‍ය වේ.
මේ උපකරණය මගින් නිකුත් කරන අධෝරක්ත කිරණ (infrared light) අතේ හෝ පාදයේ ඇඟිලි වල කේෂනාලිකා හරහා යවා ඔක්සිජන් බැඳුණු හෙමොග්ලොබින් අනු මගින් සිදුවන පරාවර්තනය ගණනය කර එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම ලබාගනී.
වේදනාකාරී නොවේ.
පහසුයි
නිරවද්‍යතාව තරමක් අඩුයි
රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩුවීම Hypoxia නම් වේ
හුස්මගැනීමේ වේගය වැඩිවීම් හා හුස්ම හිරවීම
පපුවේ කැක්කුම
හිසරදය
හෘදස්පන්දන වේගය වැඩි වීම
සිහිමද ගතිය
දිව තොල් නියපොතු නිල් පැහැවීම (cyanosis)
Oxygen Levels, Pulse Oximeters, සහ COVID-19
COVID 19 PCR හෝ RAT (RAPID ANTIGEN TEST) POSITIVE සමහරු කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
සමහරක් සුලු රෝග ලක්ෂණ පෙන්වයි.
තව පිරිසකට ඉතා දරුණුලෙස නිව්මොනියාව ඇතිවේ.
සාමාන්‍යයෙන් මුලික රෝග ලක්ෂණ ඇති වී සතියකට පමණ පසු නිව්මොනියාව ඇතිවේ.
මෙහිදී සිදුවන රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) අඩුවීම ඉක්මනින් හදුනාගෙන ඉක්මනින්ම ඔක්සිජන් ප්‍රතිකාර පටන් ගැනීම් ඉතා වැද්ගත්.
ඒ සදහා Pulse Oximeter ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරනවා.
එය 95% ට වඩා අඩු වේ නම් ඉක්මනින්ම ඔක්සිජන් ප්‍රතිකාර ලබාදිය යුතුයි.
මොකද්ද happy hypoxia කියන්නේ
ඇතැම් COVID 19 රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) 95 % ට වඩා අඩුයි.
නමුත් හුස්මගැනීමේ වේගය වැඩිවීම්, හුස්ම හිරවීම වැනි කිසිම hypoxia රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) බැලුවොත් මිසක් හදුනාගන්න බැහැ.
විශේෂයෙන් තරුණ රෝගීන්වේ.
භයානකකම වන්නේ මොවුන් එකවරම අසාධ්යවීමයි.
නිවසේ නිරෝධායනය වන කෙනෙක් ද?
එසේනම් රුධිරයේ ඔක්සිජන් මට්ටම (Oxygen saturation ) ගැන සැලකිලිමත වන්න
අද සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය (world heart day). උපන්න දවසේ පටන් අන්තිම හුස්ම දක්වා රැයක් දවාලක් නැතිව දවස් 365 ම පැය 24ම නොනවත්වා වැඩකරන ...